හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන් ...//
අප හමු වූ දිනේ රඟහළේ
සිත බැඳුණේ ඔබේ මා කෙරේ ...//
අප බිඳුණේ කෙසේ නොදැනේ
හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන් ...//
සිත තැළුණූ නියා මා දනී
නෙත රතු වූ නියා මා දනී ...//
යළි හමු වූ නියා මා දනී
හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන් ...//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "අතීතයේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Shans - 1115)
No comments:
Post a Comment