හිත රිදෙන තරම් මාගේ
ඔබට දැනේනම්
දුරින් ඉන්නෙ නෑ ඔය තරම්
දෑස් රිදෙනකන් බැලුවත්
ඔයා එන්නෙ නෑ ඉතින්
කඳුළු පමණි උරුම මට ඔබෙන්
ඔබට ම සිතී
ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා ...//
ඔබ දුටුව මේ දෙනෙතේ
කඳුළැල් වෙසෙන්නේ
හද සුසුම් තරඟෙටයි හඬන්නේ
අමතක කළා දෝ
අපි ගෙවු අතීතේ
ඒ සිනහා වෙන්වී ගියේ
ඔබට ම සිතී ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා
මට මැවුව සෙවණැල්ලේ
වෙනකෙකු සිටින්නේ
මට ඉඩක් නැතිදෝ දැන් හදේ
මදිවී ගියාදෝ
මා පිදු සෙනේහේ
ආව ඉක්මනින් ඔබ ගියේ
ඔබට ම සිතී ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා
හිත රිදෙන තරම් මාගේ
ඔබට දැනේනම්
දුරින් ඉන්නෙ නෑ ඔය තරම්
දෑස් රිදෙනකන් බැලුවත්
ඔයා එන්නෙ නෑ ඉතින්
කඳුළු පමණි උරුම මට ඔබෙන්
ඔබට ම සිතී
ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා ...//
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - ඩිලාන් ගමගේ
තනුව - උදාර සමරවීර
No comments:
Post a Comment