Monday, May 11, 2015

එක් දිනක් පසුතැවෙන්නෙමි මම්

එක් දිනක් පසුතැවෙන්නෙමි මම්
කල්පයක් සැනසෙන්න හැකිනම්
අත්භවෙන් සමු අරන් එමි මම්
සමිඳ ඔබ හමුවේවිනම්
සමිඳ ඔබ හමුවේවිනම්

පහන් තරු යට
දෙසන වදනට
පුංචි අකුරක් වෙන්න ඇත්නම්
පා නඟන සක්මන් තලාවක
වැලි මිටක් වී ඉන්න ඇත්නම්
වෙළෙමි ගැලෙමී මා (වෙළෙමි ගැලෙමි මා)
සල්සමන් මල් වැලක් විලසින්
සමිඳ ඔබ හමුවුනෝතින්

පැන් පොදක් දන් දෙන්න අකැමැති
බිමක ගඟුලක් වෙන්න ඇත්නම්
කවියටත් යුද වදින දිනකදි
අවි තුඩග සුදු මලක් වෙන්නම්
යදිමි යදිමී මා (යදිමි යදිමී මා)
එහෙව් පිවිතුරු පැතුම් වෙනුවෙන්
සමිඳ ඔබ වැඩියොත් ඉතින්

එක් දිනක් පසුතැවෙන්නෙමි මම් (සමිඳේ)
කල්පයක් සැනසෙන්න හැකිනම් (සමිඳේ)
අත්භවෙන් සමු අරන් එමි මම් (ආ..)
සමිඳ ඔබ හමුවේවිනම් (ආ...)
සමිඳ ඔබ හමුවේවිනම් (ආ.......)

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - කැළුම් ශ්‍රීමාල්
තනුව - මහින්ද බණ්ඩාර

No comments: