රුප්පප්පා රපප පා///
හෙවණැල්ලටවත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ
චාටු වදන් වැකි දරාන ඉන්නට වෙනම හිතක් ඕනේ
සුපෙම් ඇනුම් පද රෑනයි
ඔච්චම් තරවටු ගානයි
විහිළු කොලොප්පන් දුරදිග ගියොතින්
ඇස් රතු වෙනවාමයි ...//
රුප්පප්පා රපප පා///
ඇවටිල්ල අඩු නැත්තෙ මෙතරම්
දුක නැද්ද ඇයි මෙහෙම සරදම්
මිදි වැලට රැවටිච්ච ගාණයි
පෙම් පත් ලිය ලිය
පුදදෙන්නට එන
ඔබෙ හිත මට ඕනෑ නෑ නෑමයි
හෙවණැල්ලටවත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ
චාටු වදන් වැකි දරාන ඉන්නට වෙනම හිතක් ඕනේ
සුපෙම් ඇනුම් පද රෑනයි
ඔච්චම් තරවටු ගාණයි
විහිළු කොලොප්පන් දුරදිග ගියොතින්
ඇස් රතු වෙනවාමයි
රුප්පප්පා රපප පා///
හිත මාගෙ කියවන්න බැරිනම්
මං ඔබව පිළිගන්නෙ නැතිනම්
ගඟුලකට ඉනි කැපුව ගාණයි
මග තොට රැක ඉඳ
උදුරන්නට එන
මගෙ හිත දෙන්නේ නෑ නෑ නෑමයි
හෙවණැල්ලටවත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ
චාටු වදන් වැකි දරාන ඉන්නට වෙනම හිතක් ඕනේ
සුපෙම් ඇනුම් පද රෑනයි
ඔච්චම් තරවටු ගාණයි
විහිළු කොලොප්පන් දුරදිග ගියොතින්
ඇස් රතු වෙනවාමයි ...//
රුප්පප්පා රපප පා///
රුප්පප්පා රපප පා///
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - කැළුම් ශ්‍රීමාල්
තනුව - සංගීත් වික්‍රමසිංහ
No comments:
Post a Comment