මේ කතරට ඔබ එන විට
හිතට දුකක් නොදැණුනා
නොවේ
හඳක් පුදන එළිය අරන්
මේ කළුවර පියසට එන
ඔබ ගැන හිත නොහැඬුවා
නොවේ
මොළොක් සිතට මේ කතරෙදි
වග වළසුන් වැනි
මිනිසුන්
යන එන හැමතැන හමුවේවී
ඒ රිදුමින් රිදුණු
සැණෙක
ඔබේ නීල නෙතු සඟලට
මගෙ උණු කඳුළැල්
පැළඳේවී
හිමව් අරණ සිහිල අරන්
මේ කතරට ඔබ එන විට
හිතට දුකක් නොදැණුනා නොවේ
හඳක් පුදන එළිය අරන්
මේ කළුවර පියසට එන
ඔබ ගැන හිත නොහැඬුවා නොවේ
සුසිනිදු පා ගැටෙන බිමක
විසකටු විසිරී තිබුණොත්
නෙත් අදහා ගනු බැරි
වේවී
වරදක් කර නැති වරදට
දඬුවම් ලද සත් හිත ළඟ
ඔබත් මහරු කවියක් වේවී
හිමව් අරණ සිහිල අරන්
මේ කතරට ඔබ එන විට
හිතට දුකක් නොදැණුනා නොවේ
හඳක් පුදන එළිය අරන්
මේ කළුවර පියසට එන
ඔබ ගැන හිත නොහැඬුවා නොවේ
ගායනය - නිරෝෂා
විරාජිනී සහ සුනිල් එදිරිසිංහ
පද රචනය - බන්දුල
නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය
රෝහණ වීරසිංහනිරෝෂා විරාජිනී මහත්මියගේ “සඳ දිය උතුරා” සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.
No comments:
Post a Comment