Sunday, November 12, 2017

අයිලයට වැහිලා

අයිලයට වැහිලා උඹෙ තානම් බලනා
රුක් අත්තන මල මමයි නුඹේ
හුළුඅත්තක් පපු කැනැත්ත මයෙ දෙයියෝ
උඹේ සුරල් අහං ඉඳල
බෙර පැ‍ළෙන්න මං ඇඬුවා //

පෙරහැරේ ගියත් ඇතෙක්නෙ බබළන
මඩු පොළේ උජාරුවටම රජවුණ ...//
වෙන බිසෝවරුන් වටවුණාට සිව් කොන
උඹ මගේ නිසාවද මට මේ දුක

දොංත ගතං ගදිත ගදං
ගතිත්ද ගුං තත් දෙඟතත් දෝං
රෙගත ගති ඟුදගත්
(බෙර පදය)

වට ගමනේ මාලක්කං වල හුරතල්
එකියන්ට උඹ ගන්ට නෑ ඉවසුම් ...//
මට බලන් ඉන්ට බෑ මයෙ දෙයියෝ
උඹ මගේ නිසාවද මට මේ දුක

දෝං ගදිත් තත්
දෙහිං ඟුදත් ඟුද
දොංත ගදිත් තත් දෙහිං
(බෙර පදය)

අයිලයට වැහිලා උඹෙ තානම් බලනා
රුක් අත්තන මල මමයි නුඹේ
හුළුඅත්තක් පපු කැනැත්ත මයෙ දෙයියෝ
උඹේ සුරල් අහං ඉඳල
බෙර පැ‍ළෙන්න මං ඇඬුවා //

හේ... ඒහේ ඒ..... ඒහේ ඒ.....
හේ.... අ...හ්.. අ..හ්.. හ.......

ඒ.....හ් ආහ්.. ආහ්.. ආහ්.. ආ......

ගායනය - කුමාරි මුණසිංහ
බෙර පද හඬ මුසුව - ජැක්සන් ඇන්තනී
පද - වසන්ත දුග්ගන්නාරාළ
තනුව හා සංගීතය - තරුපති මුණසිංහ

No comments: