Monday, November 13, 2017

දන්නා තරම්

දන්නා තරම්
පද කස්තිරම්
නටලා මට දැන් එපාවෙලා
මාමේ ඉතිං
කියලා දියන්
අලුතින් පදයක් හරිගස්සලා

දන්නා තරම්
පද කස්තිරම්
තවමත් මට නෑ එපාවෙලා
බෑනෝ ඉතිං
ඕනෑම නම්
දෙඤ්ඤංකො පදයක් හරිගස්සලා

තා දිත්ත ගත ඟුදගත
තා දිත්ත ගත ඟුදගත
ගත් දිරිකිට ගතත් ගතකු දොංත
ගත් දිරිකිට ගතත් ගතකු දොංත
තත් දිත්තත් තක දිත්තත්
තත් දිත්තත් තක දිත්තත්
ගත් දිරිකිට ගුං දිරිකිට ගතකු දොංත
ගත් දිරිකිට ගුං දිරිකිට ගතකු දොංත
තා රෙගත ගත ඟුදගත් දෙහිං

මාමේ හරිම අපූරුයි
මෙහෙම අලුත් පද හද හද නැටුවම
නැටුම දියුණු වෙනවා

බෑනෝ.. බොහොම අගෙයි නේ
අලුත් හදන පද ඔහොම නටන කොට
කියල නොදිත් බැරුවා

දන්නා තරම්
පද කස්තිරම්
නටලම මට දැන් එපාවෙලා
මාමේ ඉතිං
කියලා දියන්
අලුතින් පදයක් හරිගස්සලා

දන්නා තරම්
පද කස්තිරම්
තවමත් මට නෑ එපාවෙලා
බෑනෝ ඉතිං
ඕනෑම නම්
දෙඤ්ඤංකො පදයක් හරිගස්සලා

තා දිත්ත ගත ඟුදගත
තා දිත්ත ගත ඟුදගත
ගත් දිරිකිට ගතත් ගතකු දොංත
ගත් දිරිකිට ගතත් ගතකු දොංත
තත් දිත්තත් තක දිත්තත්
තත් දිත්තත් තක දිත්තත්
ගත් දිරිකිට ගුං දිරිකිට ගතකු දොංත
ගත් දිරිකිට ගුං දිරිකිට ගතකු දොංත
තා රෙගත ගත ඟුදගත් දෙහිං

මාමේ හරිම වැඩක්නේ
මෙහෙම නටන කොට පරණ තාලෙ පද
මොටද කියල හිතුණා

බෑනෝ එකක් කියන්නම්
අලුතින් නැටුවට පරණ නටපු පද
අමතක කරන්ටෙපා

දන්නා තරම්
පද කස්තිරම්
නැටුවත් කොතෙකුත් හෙම්බත්වෙලා
මාමේ ඉතිං
මල් මසුරන්
නටපු පදේ නම් හරිගස්සලා

දන්නා තරම්
පද කස්තිරම්
නටතොත් ඔහොම තව හැඩ ගස්වලා
බෑනෝ ඉතිං
ඕනෑ තරම්
දෙඤ්ඤං තවත් පද හරිගස්සලා

(ආ.....හ්)

ගායනය - බන්දුල විජේවීර සමග රෝහණ බැද්දගේ
පද හා තනුව - ආචාර්ය රෝහණ බැද්දගේ


2014 වසරේ "දෙරණ ටීවී" විකාශය කළ "ඩෙල් ස්ටුඩියෝ" 10 වැනි වැඩසටහනේදී මේ ගීය ගැුයුණේ මෙලෙසින්. (රූප රාමු වල අයිතිය "දෙරණ" රූපවාහිනිය සතුයි.)

No comments: