Sunday, November 19, 2017

සඳකිඳුරාමයි විද්දේ

සඳකිඳුරාමයි විද්දේ
සඳකිඳුරාමයි විද්දේ නුඹ නොදැක්කාට කිඳුරී
හීසර වැද පපු මැද්දේ හිත රිදෙනවාද සොඳුරී

කිඳුරා වෙලත් ඇයි ඔහු දුනු දිය ඇද්දේ
සොඳුරා ප්‍රේම බස් විෂ හීයෙන් විද්දේ ...//
මදුරාපුරෙන් දෝ දුක් ගිනි අරගත්තේ
ඉඳුරා දනිමි සඳකිඳුරාමයි විද්දේ //

සඳකිඳුරාමයි විද්දේ
සඳකිඳුරාමයි විද්දේ නුඹ නොදැක්කාට කිඳුරී

ගව් ගණන් ඇවිත් අත්වැල වත් නොසැලී
සිත් වුනත් නොසිතු ලෙස අත්වැල ගිලිහී ...//
කප්පරක් තරම් ඉදිමුණු කඳුළු පොදි
කින්නරා අතගන්න නුඹ පිං කළා මදි //

සඳකිඳුරාමයි විද්දේ
සඳකිඳුරාමයි විද්දේ නුඹ නොදැක්කාට කිඳුරී
හීසර වැද පපු මැද්දේ හිත රිදෙනවාද සොඳුරී

ගායනය - සේනානායක වේරලියද්ද
පද - වසන්ත දුක්ගන්නා‍රාළ
තනුව හා සංගීතය - සේනානායක වේරලියද්ද

No comments: