Thursday, December 29, 2016

සොයා නොගොසිණ

සොයා නොගොසිණ දමා නගරය
ගයාහිස රමණීය වන ගැබ
භයානක සොර සතුරු බිය පිරි
මේ බිමේ වැඩ සිටී හිමි ඔබ

තාර උණුකර දමා දෙපතුල
දූලි නංවා අනේ ගිණකඳ
කෙසේ විකසිත වේද
ඔබෙ සිරිපා තබන්නට පිපෙණ සියපත

කම්හළේ කළු දුමාරය මැද
තැම්බිලා ගිය ඇටසැකිලි වැද
රංචු ගැහෙනා ගිජු ලිහිණියන්
ගසා කනු දුටුවෝද හිමි සඳ

හඹා දිව එන අඟුල්මල් වන්
වේදනා දුක් ගැහැට අග හිඟ
කෙසේ දමනය වේද ඔබගේ
දෙපා ළඟ බිම දමා ආයුධ

සොයා නොගොසිණ දමා නගරය
ගයාහිස රමණීය වන ගැබ
භයානක සොර සතුරු බිය පිරි
මේ බිමේ වැඩ සිටී හිමි ඔබ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: