නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනැහේ කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා
මගෙ පිය සටහන් අඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු සුභ දසුනයි
කම්හළ මැද වෙහෙසෙණ විට ගත සිත
ඔබ ගැන මතකය මඳපවනයි
නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනැහේ කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා
බලාපොරොත්තුව කිරි වැදිලා හෙට
ගමේ කුඹුර මඳහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපන දා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි
නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනැහේ කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න
No comments:
Post a Comment