එය
ඔබේමයි
එය
ඔබේමයි ...//
ඇඳ
වියන ළඟ අඩ සඳින් දිදුලන
මළ
තාරකාවක සිහිල කැටිවුණ ...//
මේ
කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි
හඬන්නට
කිසිදා නොදැන සිටි මට
මළ
පොත කියාදී නොකියාම ගිය ...//
මේ
කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි
මේ
කඳුළු බිංදුව මගෙ නොවෙයි
එය
ඔබේමයි
එය
ඔබේමයි
මේ
කඳුළු බිංදුව මගෙ නොවෙයි
ගායනය - සුනිල් එදිරිසිංහ
පද
රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව
හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
මෙය 1996 දී “රෝස කුසුමක්”
සංයුක්ත තැටියට හා කැසට් පටයටත් 2004 දී
“සුවඳ මුවරද”
සංයුක්ත තැටියට හා කැසට් පටයටත් (රත්න ශ්‍රී දසක තුනක ගීතාවලිය) ඇතුළත් වුණා.
No comments:
Post a Comment