Saturday, May 30, 2020

රජෙකු වුණත්


රජෙකු වුණත් ගිලන් වෙලා
රජෙකු වුණත් ගිලන් වෙලා
එක්තැන් වුණ දා
කියනවාට සැකයක් නෑ
සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා

ඉසුරු සමඟ හාද වෙලා
ඉසුරු සමඟ හාද වෙලා
නොසතුට ආදා
දැනෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා

බැරිවුණදා නෑදෑයන්
බැරිවුණදා නෑදෑයන්
අතහැර ගියදා
හිතෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා

ගායනය - සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද - මහින්ද චන්ද්‍රසේකර
"ධම්ම පදය" සුභ වග්ගයෙහි, "ආරෝග්‍යා පරමා ලාභා" ගාථාව පදනම් කර රචනා වූවකි.
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1996 දී රෝස කුසුමක් කැසට් පටයටත් 201 දී The best of Sunil 1 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: