Sunday, May 31, 2020

නොමවේ පැරණී


නොමවේ පැරණී
යළි වේ රමණී
දරු පෙම නොනිමි
අඹු සැමි පෙමිනී
නොව පැරණිය වන රමණිය විටින් විට
වෙයි රමණිය නොව පැරණිය විටින් විට

සොඳ සොඳ ඕලු සොරබොර වැවේ ඇතී
ඒව නෙළන්නට සොඳ සොඳ ළමෝ යති
කළු කරලා රස කරලා උයා ඇතී
ඕලු බතට අද අපෙ පොඩි එවුන් නැතී

නොමවේ පැරණී
යළි වේ රමණී
දරු පෙම නොනිමි
අඹු සැමි පෙමිනී

ළමුන් රජුන් වී උන්ගෙත් වටේ පැටවු
ගොහින් ඉතින් දුර දීපංකරේ වසවු
ළඟින් ඉඳන් මට සලකයි මගේ බිසවු
පැරණි නොවේ සොඳ අඹු සැමි පෙමේ ඉසව්

නොමවේ පැරණී
යළි වේ රමණී
දරු පෙම නොනිමි
අඹු සැමි පෙමිනී
නොව පැරණිය වන රමණිය විටින් විට
වෙයි රමණිය නොව පැරණිය විටින් විට

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - යමුනා මාලිනී පෙරේරා
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


මේ ගීයෙහි කියැවෙන අදහස උපදින්නේ නන්දදාස රාජපක්ෂ මහතාගේ සිත් තුළයි. ඔහු නම්, ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ සභාපති යි. 1996 දී ඩී.එස්.අයි. අනුග්‍රහයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ ඉදිරිපත් කරන්නට යෙදුණු "සිතුවිලි ශ්‍රී ලංකා" ප්‍රසංගයේදී ඉහත ගීය දොරට වැඩි බවයි මගේ මතකය.
ඉන් ඉක්බිති, 1996 දී "රෝස කුසුමක්" කැසට් පටය හා සංයුක්ත තැටියටත්, නැවත 2005 වසරේදී යමුනා මාලිනී පෙරේරා මහත්මියගේ ගී පද රචනා ඇතුළත් "ආදරය සුන්දර වරදකී" සංයුක්ත තැටි අංක 1 ටත් මේ ගීය ඇතුළත් වුණා.

No comments: