බිම්බරක් සෙනග ගැවසුණ
චන්ද්‍ර සූරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම් මාළිඟාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිඟාව දෝ
මාළිගාව දෝ
ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලලුණ
වෘක්ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි
මිණී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නඟයි
විලාපය නඟයි
බිම්බරක් සෙනග ගැවසුණ
චන්ද්‍ර සූරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම් මාළිඟාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිඟාව දෝ
මාළිගාව දෝ
කැලෑ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි
වෑ කන්ද කඩා බිම් කටුකම්බියෙන් බෙදා
මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්
කඩුව බිම දමව්
බිම්බරක් සෙනග ගැවසුණ
චන්ද්‍ර සූරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම් මාළිඟාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිඟාව දෝ
මාළිගාව දෝ
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ
No comments:
Post a Comment