Monday, February 27, 2017

ගංගාවේ නීල ජලේ

ඕ... ඔඔ ඕ... ඕ... ඔඔ ඕ... ඕ... ඕ... ඕ...
ඕ... ඔඔ ඕ... ඕ... ඔඔ ඕ... ඕ... ඕ... ඕ...

ගංගාවේ නීල ජලේ
රැල්ල බිඳී වැල්ලෙ කිඳී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ ..//

මුතු බෙල්ලගේ මුතු
කිමිදී ගොඩ ගෙනා යුතු
මල් වාගේ වැලේ පිපේදෝ ....//

ගංගාවේ නීල ජලේ
රැල්ල බිඳී වැල්ලෙ කිඳී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ

හමනා සුළං පොදේ
කන්දේ තුරු හිසේ වැදී
බාධ වෙලා හමා නොයාදෝ ...//

ලන්ද උඩින් එබෙන සඳේ
රැස් නොහෙළාදෝ ..//

කුමුදාකරේ සිනා උදා නොවේදෝ
උදා නොවේදෝ
උදා නොවේදෝ

ගංගාවේ නීල ජලේ
රැල්ල බිඳී වැල්ලෙ කිඳී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ

දහසක් පෙරුම් පුරා
පැතුම් කිරුළ හිසේ දරා
වෙහෙසෙන්නා පරාදවේදෝ ...//

නෙත් පෙනෙතොත් බාධා රැසක්
පාර වැසේදෝ ..//

පවනෙන් කුසුම් ලතා නැමී නොයාදෝ
නැමී නොයාදෝ
නැමී නොයාදෝ

ගංගාවේ නීල ජලේ
රැල්ල බිඳී වැල්ලෙ කිඳී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ ..//

මුතු බෙල්ලගේ මුතු
කිමිදී ගොඩ ගෙනා යුතු
මල් වාගේ වැලේ පිපේදෝ ..//

ගංගාවේ නීල ජලේ
රැල්ල බිඳී වැල්ලෙ කිඳී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ

හෝ... ඕ ඔ ඕ... ඕ ඔ ඕ... ඕ ඔ ඕ...

ගායනා - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද කරුණාරත්නඅබේසේකර
තනුව - සිසිර සේනාරත්න
1968 දී තිරගත වූ පුංචි බබා චිත්‍රපටියේ ගීයකි.

No comments: