Monday, February 27, 2017

මාගෙ පුතුට මල්

මාගෙ පුතුට මල් යහන සදන්නේ
දෑස සිහින වැල් පාවී එන්නේ
රෝස කැලේකින් හමුවූ වැන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
මාගෙ පුතුට මල්

පුංචි පුතුනි ඇයි කිරට අඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ ...//
අම්ම කියාලයි බහ තෝරන්නේ //
ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ
මාගෙ පුතුට මල්

මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
පුතුගෙ සිනාවෙන් සතුට සැදෙන්නේ
මල් යහනාවේ පුතු නැළැවෙන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
කවුදෝ දුන්නේ

ගායනය - සිසිර සේනාරත්න
පද - ධර්මසිරි ගමගේ
තනුව - සිසිර සේනාරත්න
1968 දී තිරගතවූ පුංචි බබා චිත්‍රපටියේ ගීයකි.

මේ චිත්‍රපටියට ගැයූ මුල් ගීයයි.

No comments: