Monday, February 27, 2017

හීන හතක් මැද

හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුළ පිරුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැදවිමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුළ පිරුණයි

නීල නුවන් ගැ‍බ
සෝක වලාවෝ....//
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොරකා තෙරපී ඇඹරී
දෑස කඳුළු වැල් රූරා වැගිරේ
අකාලයේ වැසි දිය ඇද හැළිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා

වාසනාවෙ මල් අකලට මැරුණයි
ප්‍රේම ලෝකෙ රන් මන්දිර කැඩුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුළ පිරුණයි

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
1964 දී තිරගතවූ ගැටවරයෝ චිත්‍රපටියේ ගීයකි.

1965 දී පැවැත් වූ සරසවිය දෙවන සම්මාන උළෙලේදී හොඳම ගීත රචක, හොඳම ගායිකා, හොඳම ගායකයා යන සරසවි සම්මාන මේ ගීතයට හිමිවිය. 

සිනමා කෘතියට අමරදේවයන් ගැයූ ගීය



සිනමා කෘතියට ලතා වල්පොල මහත්මිය ගැයූ ගීය



අමරදේවයන් පසු කලෙක කළ ගායනයක්



ලතා වල්පොල මහත්මිය පසු කලෙක කළ ගායනයක්

No comments: