Thursday, May 28, 2020

කපා බිම හෙළා ගහ කොළ

කපා බිම හෙළා ගහ කොළ
තනා මහ විමන් මිහි මත
පුරෙන් පුර දනන් දෙව්පුර අසිරි මවනවා
ඒ මැවුම් දකින දෙවියෝ බියෙන් සැලෙනවා //

උන්හිටි තැන් නැතිවෙලාද
උන් කළ පින් පිරිහිලාද
රුක් දෙවියෝ දණින් වැටී නරන් යදිනවා //

විදා හළ නැණින් පිරිසිඳ
වසා සිටි නුවන් විනිවිද
මිනිස් වග මහා විශ්වය හඹා දුවනවා
දෙව් ලොවින් බසින දෙවියෝ සුසුම් හෙළනවා //

ඇස් අදහා ගන්ට බැරිව
පින් පව් විසඳන්ට බැරිව
ඉරිසියාව යට කරගෙන සාදු කියනවා //

දිනූවෙද මහා සක්වල
ලැබූවෙද මහා සිප් නැණ
දේව අනුහසින් වේදැයි බියක් හිතෙනවා
දණින් හිඳ සුරන් පා යුග නරන් වඳිනවා //

මිනිස් මහිම අඩුවෙලාද
මිනිස් කමට හිනැහුණාද
උනුන් මුව බලා දෙවියෝ අනේ කියනවා //

ගායනය - සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1992 දී අමල් බිසෝ කැසට් පටයටත් 1994 දී සුනිල් ගී  22 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: