Thursday, May 28, 2020

වියෝවූ පසුවයි දැනෙන්නේ

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුළයි දකින්නේ සිනාවේ සරදම් ...//

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චණ්ඩයි

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුළයි දකින්නේ සිනාවේ සරදම්

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුළයි දකින්නේ සිනාවේ සරදම් ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1992 දී අමල් බිසෝ කැසට් පටයටත් 2003 දී The best of Sunil 2 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: