පිළිගමු අපි නැවුම් ආදරේ ...//
හද සිනාවේ
නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි
බමර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී
ඔබ සොයා ඒ
මා සොයා ඒ
සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී
මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ ...//
හද සිනාවේ
නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි
නෙතට නුහුරු කඳුළ නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
සඳ ලතාවේ
හිරු සිනාවේ
නොහොම් නිහඬ අරුත ආදරේ කියාවී
මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ ...//
හද සිනාවේ
නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.
ගීය ඇතුළත් වූ ඇල්බම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා.
1988 "මල් වට්ටියක්" කැසට් පටය ට සහ 2003 දී නිකුත්වූ "Best of Sunil Edirisinghe" සංගත තැටියට ඇතුළත් වුණා.
No comments:
Post a Comment