Wednesday, December 14, 2022

සිංහල ජන සංගීත මැවුණා

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා ...//
දළදා පෙරහැර මේ

සිරියා පා සුර ලෝකෙ වාගේ
සිරියා පා සුර ලෝකෙ වාගේ
දැන් පෙරහැර එනවා
දළදා පෙරහැර මේ

වන්නම් කියවෙනවා
රැඟුමන් රඟ දෙනවා
රස හඬ මැද්දේ
ඇත් පෙළ ඇද්දේ
අප කුල්මත් වන්නේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

සාදු සාදුඉහඬ දේ
මල් සුවඳින් පැහැ දේ
ලී කෙළි සෙල්ලම්
ජන ගී වන්නම්
තාලෙට මුසු වන්නේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

ලොවට මහා පුදුමේ
හෙළ දෙරණේ මහිමේ
හැම දන දුටුවේ
පෙරහැර දාටයි
සිංහලයේ උරුමේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

මැණිකෙලා හිනැහෙනවා
සඳ රැස් බැබලෙනවා
පෙරහැර කාලේ
මංගල තාලේ
සෙංකඩගලපුරයේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

ගායනය - සුසිල් ප්‍රේමරත්න, ලතා වල්පොල සහ පිරිස
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - සුසිල් ප්‍රේමරත්න (ජන සංගීත හා හේවිසි නාද මාලා ඇසුරෙන්)
සංගීත අදියුරු - පැට්‍රික් දෙණිපිටිය

ගීතය හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN 248 හි අන්තර්ගතයි.


No comments: