Friday, December 30, 2016

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

මා‍ළු න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
යා‍ළු න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා ...//

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

පණ දෙන්නට කියා ඇවිත් හුස්ම ඩිංග හිර කරතී
වළකින් ගොඩලන්න කියා ගල් ගෙඩියක් දමා යතී

හවුලට ඇවිදින් ළංවී රැවුලට ගිණි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී කිරි හින්ඳා හලණු බැරී

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

ඉස්සරහින් යන්න එපා පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා බොරු වළකට දමා පනී

අත්වැල් බැඳ යන්න එපා විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයියො දනී කුමක් වැනී

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //
මා‍ළු න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
යා‍ළු න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා ...//

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

ගායනය - ජැක්සන් ඇන්තනී
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය - විශාරද ගුණදාස කපුගේ
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ ගීයකි.

No comments: