Wednesday, January 16, 2019

කුරුලනි කාගෙදෝ මංගල්ලේ

කුරුලනි කාගෙදෝ මංගල්ලේ
ආන් ආන් රෑන් රෑන් පරෙවි කොබෙයියෝ ....//

පිළිහුඩුවා උදෙන් කූඩුව සරසලා
මල් ගෙනවිත් කැලෙන් කවලා සනසලා

කෝකිලයා ගයයි ගීතය නළවලා
රන මොණරා නටයි තාලෙට සැරසිලා....//

කුරුලනි කාගෙදෝ මංගල්ලේ
ආන් ආන් රෑන් රෑන් පරෙවි කොබෙයියෝ

අතු අග බටිත්තා මලිතිව කොනිත්තා
හිනැහීලා කියයි එන බව අමුත්තා

ගිරවිය හොට කළු දීගෙක යනවලු
කැදැල්ලෙ ඒ නිසා මගුලක් කනවලු ....//

කුරුලනි කාගෙදෝ මංගල්ලේ
ආන් ආන් රෑන් රෑන් පරෙවි කොබෙයියෝ ....//

ගායනය - ලිලන්ති කරුණානායක
පද -  කරුණාරත්න අබේසේකර
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: