Sunday, January 13, 2019

ඇය කොණ්ඩෙ දිගට දාලා


ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

අපෙ පංතියෙ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ පාසල් නාව දාට පන්තිය පාළුයි ...//
ගමරාළගෙ කතාවටයි අපි හරි ආසා
කවදාවත් නෑ පන්තියේ කරනෙන ඝෝසා

කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

සිනා ගෙනෙන කතා තමා ඇය පවසන්නේ
ආදරයෙන් සැමදා අප හට සලකන්නේ ...//
ඇය අසළම ගැවසෙන්නට අපි හරි ආසයි
මේ පන්තිය දමා යන්න අපි ලෝබයි

කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ...//
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ///

ගායනය - ලිලන්ති කරුණානායක
පද රචනය - ක්ලැරන්ස් විජේවරධන
තනුව - ක්ලැරන්ස් විජේවරධන

No comments: