Thursday, January 17, 2019

මහනුවරයි ගම




කිසිම තැනක දෙවැනි නොවන හරිම ඉහළ නම
ලොව පරසිදු මහනුවරයි මගේ උපන් ගම....//

ලොව හැම තැන කා අතරත් කියැවෙන හොඳ නම
සිරිලක් දිව අගනගරය කොළඹය මගෙ ගම

මහ නිමැවුම් මහ කම්හල් සුවිසල් මන්දිර
නයන පිනන මහ සමුදුර නැත මහනුවර

කඳු ගංගා කෙත් වතු මල් ගොමු සුව පිරුණු
මේ විසිතුරු කොළඹ කොහේ ඇත්දැයි කියනු

රජ සබයත් ගුවන්තොටත් වරායත් අපේ
කොළඹ මිසක් නුවරට එය යයිද මේ කපේ

හිත සුවදෙන රටටම සළසන රැකවරණේ
මහනුවරයි දළදා සමුඳුන් වැඩ ඉන්නේ

කොළඹ නුවර වෙනස් කමක් මොටද සොයන්නේ
කොතැන වුනත් එකම රටේ නොවැ අපි ඉන්නේ...//

ගායනය - ලිලන්ති කරුණානායක සහ ක්ලැරන්ස් විජේවර්ධන
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනු - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: