Thursday, January 17, 2019

සැම දන මන දිණු



සැම දන මන දිනු සුජාත ධරණී
සෞභාග්‍ය නිධානය ලංකා

වොරැඳේ වොරැඳේ වොරැඳේවා
සෞභාග්‍ය නිධානය ලංකා

පුෂ්ප සුගන්ධය මිශ්‍රිත නන්දන සිහිල් සුළං සුවදේ
සෙසු දේස සුබා පසුබා ලැබදේ
සුභ දේශගුණේ නිබඳේ ...//
ඉතිහාස උදාර පුරාණේ
වර දීර වීර විරුදාවේ

දීප කුමාරිය ලෝකේ පූජිත රූසිරි අතිරමණී
මේ ජීවිත පුෂ්පාසන කර සුරකිමු නිජබිම දිවි පුදදී
අප හදවත් එහි මල් පොකුරූ
ලේ මස් වෙයි පිණිදිය කපුරූ

සැම දන මන දිනු සුජාත ධරණී
සෞභාග්‍ය නිධානය ලංකා

වොරැඳේ වොරැඳේ වොරැඳේවා
සෞභාග්‍ය නිධානය ලංකා

සීහ ධජය සේ වික නිති පෑ තෙද ජාත රත්න භූමී
සයුරෙන් ම සුරක්ෂිත සෑම දිගින් සම්මාන ක්ෂේමභූමී ...//
අභිමාන අතීතය සමරා
යොදවමු ශ්‍රම ශක්තිය සපුරා

දීපේ නිදහස් කාහල නාදය කප් ඉම තෙක් රැව් දේවා
අසමාන සනාතන සාධු සවාසන ජාතිය සැපවත් වේවා ...//
සදහම් සුවයෙන් සැනසේවා
නව යුගයේ මඟ හෙලිවේවා

සැම දන මන දිනු සුජාත ධරණී
සෞභාග්‍ය නිධානය ලංකා

වොරැඳේ වොරැඳේ වොරැඳේවා
සෞභාග්‍ය නිධානය ලංකා

සමූහ ගැයුමකි
පද- අයි.එම්.ආර්.ඊ. ඊරියගොල්ල
තනු - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: