Monday, January 21, 2019

වැස්ස වහිනවා



වැස්ස වහිනවා
වහලෙ වතුර වැටෙනවා
වැටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා

වැස්ස වහිනවා
වහලෙ වතුර වැටෙනවා
වැටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා

ගොඩක් වහිනවා මිදුලෙ වතුර පිරෙනවා
ගොඩක් වහිනවා මිදුලෙ වතුර පිරෙනවා
දුවල ගිහිං තෙමිල තෙමිල එන්න හිතෙනවා
දුවල ගිහිං තෙමිල තෙමිල එන්න හිතෙනවා

වැස්ස වහිනවා
වහලෙ වතුර වැටෙනවා 
වැටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා



බෝල හැදෙනවා බෝල වතුරෙ නටනවා
බෝල හැදෙනවා බෝල වතුරෙ නටනවා
අල්ල ගන්න හදනකොටම ඒව කැඩෙනවා
අල්ල ගන්න හදනකොටම ඒව කැඩෙනවා

වැස්ස වහිනවා
වහලෙ වතුර වැටෙනවා
වැටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා

කුඩේ ගන්නවා අම්ම කඩේට යනවා
කුඩේ ගන්නවා අම්ම කඩේට යනවා
කුඩේ අරන් මටත් කඩේ යන්න හිතෙනවා
කුඩේ අරන් මටත් කඩේ යන්න හිතෙනවා

වැස්ස වහිනවා
වහලෙ වතුර වැටෙනවා
වැටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා

වැස්ස වහිනවා
වහලෙ වතුර වැටෙනවා
වැටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා