Sunday, November 11, 2018

අරුනළු ඉහිරුණු



අරුනළු ඉහිරුණු මල් කැකුළක්
දෙනෙතට මුසුවුණු සුබ දසුනක් ...//
දෝතට ගන්නට වෙයි හැඟුමක්
මල් සැම පරවෙයි නොසිතනු මැන අහිතක්

මේ මල් කැකුළේ නව මුදු සුවඳක්
මා හද පිරිමැද පවසයි රහසක් ...//
විකසිත වෙයි සිතිවිලි දහසක්
සුවඳත් වියැකෙයි
නොහිතනු මැන ඇල්මක්

අරුනළු ඉහිරුණු මල් කැකුළක්
දෙනෙතට මුසුවුණු සුබ දසුනක් ...//
දෝතට ගන්නට වෙයි හැඟුමක්
මල් සැම පරවෙයි නොසිතනු මැන අහිතක්

මේ බිඟු අරණේ ඇත මල් සහසක්
මා නෙතු කළඹා නැත ඉන් කිසිවක් ...//
ඔබ පුබුදයි නිකලැල් පැතුමක්
සිතු දේ නොම වෙයි
එය වේ ලෝ දහමක්

අරුනළු ඉහිරුණු මල් කැකුළක්
දෙනෙතට මුසුවුණු සුබ දසුනක් ...//
දෝතට ගන්නට වෙයි හැඟුමක්
මල් සැම පරවෙයි නොසිතනු මැන අහිතක්

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: