Sunday, November 11, 2018

සිංහලයෙකු වී ඉපදීමෙන්



සිංහලයෙකු වී ඉපදීමෙන්
කළේ පවක් වරදක් නම්
මගේ දූ පුතුන් වෙනුයෙන්
දඬුවම් විඳින්න සූදානම් ...//

වංශ කතාවක උරුමය හිමිවූ
උත්තම දහමක නුවණ ලැබූ
පණ සිරවේ දීඝවාපියේ නාගදීපයේ සේරුවිලේ
උතුර දකුණ මට නොපෙනේ


සිංහලයෙකු වී ඉපදීමෙන්
කළේ පවක් වරදක් නම්
මගේ දූ පුතුන් වෙනුයෙන්
දඬුවම් විඳින්න සූදානම්

මහා ජාතියක උපත ලැබූ මුත්
සහජීවනයෙන් බුදුමග නොගියෙද
ඉතිහාසය සාපයක් වුණේ නම්
අපේ පරපුරෙන් දොස් දුරුවී
සැමටම යහපත සැලසේවා

සිංහලයෙකු වී ඉපදීමෙන්
කළේ පවක් වරදක් නම්
මගේ දූ පුතුන් වෙනුයෙන්
දඬුවම් විඳින්න සූදානම්

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: