Tuesday, December 27, 2016

ඔබේ ඇස් බැමි

ඔබේ ඇස් බැමි සිහිල් සෙවණේ
අමල නෙත් පොකුණේ
පිපී සැලෙනා නීල උත්පල
ඔබ නමිනි පිපුණේ
අමල නෙත් පොකුණේ

සියුම් සත්සර හඬට සැතපෙන
පැතුම් පිබිදෙනවා
එවන් මොහොතක යොවුන් ගී තනු
දෙතොල් සිප එනවා ...//
දෙතොල් සිප එනවා

ඔබේ ඇස් බැමි සිහිල් සෙවණේ
අමල නෙත් පොකුණේ
පිපී සැලෙනා නීල උත්පල
ඔබ නමිනි පිපුණේ
අමල නෙත් පොකුණේ

සඳැල්ලට එන සඳ කැළුම් ලෙස
මවෙත එනු මැනවී
විසල් ලොව මැද සසල නොවනෙමී
අතරමග තනිවී ...//
අතරමග තනිවී

ඔබේ ඇස් බැමි සිහිල් සෙවණේ
අමල නෙත් පොකුණේ
පිපී සැලෙනා නීල උත්පල
ඔබ නමිනි පිපුණේ
අමල නෙත් පොකුණේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: