Tuesday, December 27, 2016

කී දේ නාහන

කී දේ නාහන මටම අකීකරු
මගෙ හිත ඔබ වෙත අරගෙන ආවා
බුදුහාමුදුරුවනේ
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ ..//

බාල වියේදී යහතින් සිටි හිත
දැන් ළඟකදි සිට කිසි කමකට නැත
අවුල් වෙලා සිත අවුල් වෙලා
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

කී දේ නාහන මටම අකීකරු
මගෙ හිත ඔබ වෙත අරගෙන ආවා
බුදුහාමුදුරුවනේ
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

තෙරුවන් හමුවේ දෙදණින් සිටි හිත
රාගය ද්වේශය හා පැටලී ඇත
මුලාවෙලා සිත මුලාවෙලා
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

කී දේ නාහන මටම අකීකරු
මගෙ හිත ඔබ වෙත අරගෙන ආවා
බුදුහාමුදුරුවනේ
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ජයතිස්ස බොරළුගොඩ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: