සොඳුරිය
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුළැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම්
නපුරු ද සොඳුරිය
පෙරුම් පුරා දුකසේ ගළපා ගත්
කවිය ඔබම වී නැළැවුන යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම්
මිහිරි ද සොඳුරිය
සොඳුරිය
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුළැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම්
නපුරු ද සොඳුරිය
ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණ දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම්
මිහිරි ද සොඳුරිය
සොඳුරිය
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුළැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම්
නපුරු ද සොඳුරිය
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - මහාචාර්ය සමන්ත හේරත්
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
No comments:
Post a Comment