Sunday, May 31, 2015

මල් මාවතේ

මල් මාවතේ
තරු සැඳෑව මිලාන වෙලා
ඔබ මා සොයා ඇයි ආවේ
පාළු මේ රාත්‍රි‍යේ ...//

සිත නිවූ සුව දැහැනේ
ඔබ නිසාමයි රැඳුනේ
අපගේ ම දෑසේ
වෙළුණේ ද සිහිනේ
ඔබ ද මිඳුනේ
මා ද මිඳුනේ
සසර බැඳුමෙන් අපේ

මල් මාවතේ
තරු සැඳෑව මිලාන වෙලා
ඔබ මා සොයා ඇයි ආවේ
පාළු මේ රාත්‍රි‍යේ

රෑ පුරා තුන් යාමේ
ඔය නෙතේ මා රැඳුනේ
නොකියාම රහසේ
ඔබ ඈත ඇදුනේ
පැතූ පැතුමන්
සෙවූ සැණසුම්
සුළඟෙ මං පා කළා

මල් මාවතේ
තරු සැඳෑව මිලාන වෙලා
ඔබ මා සොයා ඇයි ආවේ
පාළු මේ රාත්‍රි‍යේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: