Sunday, May 31, 2015

ඔබ කවුද

ඔබ කවුද
හඳුනන්නට හැකිවේද
ඔබ කවුද
හැඳිනූවත් ඔබමයි ද ...//

කැඩපතට එබී හිනැහී වැළපී
ඔබ දකිනට වෙහෙසෙනවාද
ලෝකයට සැදී අළුතින් සැරසී
වෙනකෙකු ලෙස සැඟවෙනවාද

ඔබ කවුද
හඳුනන්නට හැකිවේද
ඔබ කවුද
හැඳිනූවත් ඔබමයි ද

ඔබ ඔබම තමයි
දන්නෙත් ඔබමයි
මේ විමසුම ඔබගෙන්මයි
ඔබ කවුද

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

No comments: