ඔබ නැති රැය දිගුවේ
හිමියණි ඔබ නැති රැය නොගෙවේ
ඔබ නැති රැය දිගුවේ
සීතල පාළුව ළයට තුරුළුව නිදි සුව දෑසට දුර වී
ළඟ නැති ඔබ වෙත සෙනෙහස දැඩිවේ
සැක බිය මුසු සිත සෙළවේ
ඔබ නැති රැය දිගුවේ
ඔබ පියවර හඬ සවනත දැවටෙයි
පියවී එන නෙතු කැළඹේ
ඔබ පෙර මඟ වෙත පා යුග එසවේ
අසරණ වන සිත මැලැවේ
ඔබ නැති රැය දිගුවේ
හිමියණි ඔබ නැති රැය නොගෙවේ
ඔබ නැති රැය දිගුවේ
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment