Sunday, May 31, 2015

සිරකාරිය කළ මැනවී

සිරකාරිය කළ මැනවී
ඔබේ ප්‍රේමයේ සිපිරි ගෙයි සදාකාලයට මා
සිරකාරිය කළ මැනවී

ඔබේ ඇසින් ගලනා එළියෙන් මට විලංගු ලා
ඔ‍බේ මුවින් නැගනා ස්වරයෙන් දොර අගුලු දමා
ඔබේ මානයේ රඳවා
ලොවින් වෙන්ව තබා
සිරකාරිය කළ මැනවී
සිරකාරිය කළ මැනවී

ඔබේ වතින් හමනා සුවඳින් මට ඔවදන් දී
ඔබේ පහස මවනා මිහිරෙන් මට දඬුවම් දී
ඔබේ මානයේ රඳවා
ලොවින් වෙන්ව තබා
සිරකාරිය කළ මැනවී
සිරකාරිය කළ මැනවී

සිරකාරිය කළ මැනවී
ඔබේ ප්‍රේමයේ සිපිරි ගෙයි සදාකාලයට මා
සිරකාරිය කළ මැනවී

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

No comments: