Sunday, May 31, 2015

කොන්ත නෝනගෙ කොණ්ඩේ

කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි

කොන්ත නෝනගෙ හැට්ටේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි

තමුන්ගෙ ඇහේ පරාලය නොපෙනෙයි
අනුන්ගෙ ඇස් වල ඇති රොඩ්ඩ හොයනවා

දඹ රත්තරන් වලින් බෙල්ලක් නැති එකීට
දඹ රත්තරන් වලින් බෙල්ලක් නැති එකීට තැල්ල බඳිනවා
තැල්ල බඳිනවා

කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ හැට්ටේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි

රස මසවුළු මුළුතැන් ගෙයි පිසුණත්
අල්ලපු ගෙයි ලුණු පොල් කට්ට ‍බලනවා

ගෙරි මස් බුදින ගමන් ගව සම්පත ගැන බණ
ගව සම්පත ගැන බණ පොතක් ලියනවා
පොතක් ලියනවා

කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ හැට්ටේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: