Tuesday, June 2, 2015

මුදු සීත නිල් දියේ උපන්

මුදු සීත නිල් දියේ උපන් නෙළුම් කුමාරියේ
ළංවී ඉන්නවත් වරම් නැතේ නුරාවියේ
මුදු සීත නිල් වනන්තරේ මධු බමර කුමරුනේ
සුපිපෙන්නවත් ඔබේ නමින් දිය රැලි ගලා ඉඩක් නොදේ

මල් මුවරද සැළී සැළී විල් තෙර මඟ සුවඳවේ //
සුපිපෙන්න ළඟ ඉන්න මට දෝ කියන්නේ
විල් දියේ මා තනිවෙලා

මුදු සීත නිල් දියේ උපන් නෙළුම් කුමාරියේ
ළංවී ඉන්නවත් වරම් නැතේ නුරාවියේ
මුදු සීත නිල් වනන්තරේ මධු බමර කුමරුනේ
සුපිපෙන්නවත් ඔබේ නමින් දිය රැළි ගලා ඉඩක් නොදේ

දිය රැල්ලෙන් මතුවෙලා සුපිපෙන්නකො පෙති සළා //
බමරින්දු නොහඬන්න ඈතින් ඉඳින්නම්
ප්‍රාර්ථනාවන් ගොළු වෙලා

මුදු සීත නිල් දියේ උපන් නෙළුම් කුමාරියේ
ළංවී ඉන්නවත් වරම් නැතේ නුරාවියේ
මුදු සීත නිල් වනන්තරේ මධු බමර කුමරුනේ
සුපිපෙන්නවත් ඔබේ නමින් දිය රැළි ගලා ඉඩක් නොදේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ නාලක අංජන කුමාර
පද රචනය - සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ
තනුව හා සංගීතය - නාලක අංජන කුමාර


No comments: