Monday, June 1, 2015

නිල් මහනෙල් බරයි කියා

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද

දුඹුළු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන්ගෙයි ඇවිලුන දුම් නොනඟින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද

තබා දෙතොල ඉඳිකටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වල

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


No comments: