Thursday, December 29, 2016

ප්‍රභාවතී

මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඬන් කුමාරියේ

මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුණු ලියේ
මල් සුවඳකට බැඳි වරලස ඉණුව ලියේ
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
කරපු පවට නාඬන් දේවතාවියේ

මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: