Thursday, December 29, 2016

මාරියාවේ

මාරියාවේ ...
මාරියාවේ ...
මාරියාවේ ...
මාරියාවේ ඔහෙ නවතින්නේ
සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආදා සිට පැල අඳුරේමයි
සතුට සාම සොම්නස නොරැඳෙන්නේ ...//
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

නුඹ ආදා සිට නිවුණු ලිපේ ගිණි
හද තුළ මෙළවී ඇවිළෙන්නේ ...//
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

මාරියාවේ ...
මාරියාවේ ...
මාරියාවේ ...

මාරියාවේ ...
මාරියාවේ ...
මාරියාවේ ...

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - උදය මානවසිංහ
තනුව - සේන වීරසේකර

No comments: