Saturday, April 4, 2015

දෑතේ එල්ලී

දෑතේ එල්ලී
මියුරු කතා කී
සුරතල් දෝණියනි
කාලයෙ රිය සක
මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ ...//

බොළඳ මියුරු බස් සවන් නිවාලූ
කැකුළු සිනා රස සිත සනහාලූ ...//
අතීත සිහිනය බොඳවී දියවී
ඈතට පාවෙන්නේ//

දෑතේ එල්ලී
මියුරු කතා කී
සුරතල් දෝණියනි
කාලයෙ රිය සක
මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ

පරපුර වදන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ...//
මතක වළාවෙන් නොපෙනෙන ඈතට
වැලිබත පාවෙන්නේ //

දෑතේ එල්ලී
මියුරු කතා කී
සුරතල් දෝණියනි
කාලයෙ රිය සක
මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: