Sunday, January 13, 2019

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි


අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

හබුන් කටයි කියාලා
බත් දෙකටක් කවාලා..//

වතුර ටිකක් පොවාලා
උකුළ උඩින් දමාලා..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි//
දොයි දොයි දොයි කියාලා බයි බයි බයි ගයාලා//
සැනසිල්ලේ හිතාලා නැළවිල්ලක් ගොතාලා//
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

ඔන්න බබෝ ඇතින්නී
ගල් අරඹේ සිටින්නී..//

ගලින් ගලට පනින්නී
බබුට බයේ දුවන්නී..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

හොඳ එළියක් පෙනෙන්නේ
හඳ මාමයි එබෙන්නේ..//

කිරියි පැණියි ගෙනෙන්නේ
මගෙ දූටත් බෙදන්නේ..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

ගායනය - වජිරා බාලසූරිය
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.ඩබ්. පීරිස් 

No comments: