Saturday, January 12, 2019

අඟුරුයි කන්නේ

අඟුරුයි කන්නේ 
වතුරයි බොන්නේ 
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ...//

දර කොට උඩ දැමු පීලි දෙකක් උඩ 
දුම් ගුලි දම දම හූ කියලා...//

අඟුරුයි කන්නේ 
වතුරයි බොන්නේ 
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ...//

උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
කිය කිය මොර දෙනවා ...////

කළු කොඩි උස්සන් මිනිසුන් නග්ගන්
දඩි බිඩි ගා ගෙන යයි
තේ වතු මැද්දෙන් පොල් වතු අස්සෙන්
මැද්දෙන් ගොස් නවතී

අඟුරුයි කන්නේ 
වතුරයි බොන්නේ 
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ...//

දර කොට උඩ දැමු පීලි දෙකක් උඩ 
දුම් ගුලි දම දම හූ කියලා...//

අඟුරුයි කන්නේ 
වතුරයි බොන්නේ 
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ...//

ගායනය - චන්ද්‍රානි මානෙල් කල්දේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - අඥාතයි

No comments: