Sunday, January 13, 2019

හොර පූසෙක්

හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්)
බටු මීයෙක් කටස් කටස්...//
හොර පූසියි බටු මීයයි තර‍ඟෙට දිවුවා
පූසි වැටිල කිරි හැළියක
මීය වැටිල පැණි හැළියක
අපට හරි හිනා//

හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්)
බටු මීයෙක් කටස් කටස්...//

පැණි බී මත්වුන මීයා
පරාලෙ උඩ වැනි වැනි උනි...//
මට දැන් අහුවුනොත් ඒකා
මං එළෙව්ව හොර පූසා

කීතු කීතු වලට ඉරා
වීසි කරනවයි කීවා...//

මේක ඇහිලා හොර පූසා
කිරි හැළියෙන් ඉහ උස්සා...//

බැලුවා විතරයි පූසෙක්
වහළෙන් පහළට වැටිලා
තඩි වංගෙඩියක හැපිලා...//

මහ තඩි වංගෙඩි පතයක්
කකුල ටිකක් උස්සාගෙන...//

බටු මීයට හැංගෙන්නට ගැනක් කියනවා
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා...//
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා////

ගායනය - දමයන්ති ජයසූරිය
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - අඥාතයි

No comments: