Monday, April 6, 2015

විසල් පවුරු බිඳලා

විසල් පවුරු බිඳලා
විසල් පවුරු බිඳලා
උතුරින් දකුණට
දකුණින් උතුරට
නෑගම් යන්නට පාර තනා දුන්නා
රණවිරුවනි ඔබ
පාර තනා දුන්නා
විසල් පවුරු බිඳලා

දිය ගොඩ අහසේ
මහ පවුරක් සේ
නොසැලී නොබියව රළ පහරක් සේ ...//
දිවිහිමියෙන් ඔබ පෑ විකුමන්
කිසිදා අමතක කරණු කෙසේ

ලක් දැය සුවසේ
එක පවුලක් සේ
එක්ව නැගෙන්නට කදු සිරසක් සේ ...//
දිවිහිමියෙන් ඔබ පෑ විකුමන්
කිසිදා අමතක කරණු කෙසේ

විසල් පවුරු බිඳලා
විසල් පවුරු බිඳලා
උතුරින් දකුණට
දකුණින් උතුරට
නෑගම් යන්නට පාර තනා දුන්නා
රණවිරුවනි ඔබ
පාර තනා දුන්නා
විසල් පවුරු බිඳලා

ගායනය - අමරසිරි පීරිස් සහ දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රවි අළුත්ගේ
තනුව හා සංගීතය - රවි අළුත්ගේ

No comments: