Monday, April 6, 2015

වැහි කිරිල්ලී

වැහි කිරිල්ලී
අහස රිදවා
කඳුළු ඉල්ලා
කෑ ගසා හඬනා
දුර අහසේ
සැරි සරණා
සසල කර සිත නැගෙන දුක් ගී
හඬ හඬා ගයනා
ඔබයි මා සිත අහසෙ රඳනා
වැහි කිරිල්ලී
වැහි කිරිල්ලී

මොහොතකට හෝ අවසානයේ
පිපෙණු දුටුවෙමි
සෙනෙහසේ අසනිය මල්
කෙසේ නම් මා ඔබ රකින්නද
ලියූ කවිකම් නෙතු බරද මෙතරම්

උදා නොවුනද වස්සානයේ
පිපෙණු දුටුවෙමි
සෙනෙහසේ අසනිය මල්
කෙසේ නම් මා නොවිඳ යන්නද
සුවඳ මල් නම්
හිත වසඟ වෙනවානම්

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ඉන්ද්‍රසිරි සුරවීර
තනුව හා සංගීතය - කරුණාරත්න විජේවර්ධන

No comments: