Monday, April 6, 2015

ධර්ම දීපනී ලංකා ධරණී

ධර්ම දීපනී ලංකා ධරණී
පූජිත ලංකා මාතාවෝ

ධර්ම දීපනී ලංකා ධරණී
පූජිත ලංකා මාතාවෝ
යුග යුග වත්දිත ශෝභා මණ්ඩිත //
ධීර වීර ගති පෑවෝ ///

ශස්‍ය ශ්‍යාමලී ලංකා ධරණී
හේම නගරි පූජිත සරණී ...//

මහවැලි කැලණි කළු මිණි ගංගා //
කරන සදා පූජා
සමනළ සිරසින් දස දෙස විසුරන //
සුධා ධවල ශෝභා

ශස්‍ය ශ්‍යාමලී ලංකා ධරණී
හේම නගරි පූජිත සරණී ...//

ධර්ම දීපනී ලංකා ධරණී
පූජිත ලංකා මාතාවෝ
යුග යුග වන්දිත ශෝභා මණ්ඩිත //
ධීර වීර ගති පෑවෝ //

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග
පද රචනය - විමල් අබේසුන්දර
තනුව - පී. ඩන්ස්ටන් ද සිල්වා

1960 නිදහස් උත්සවය නිමිත්තෙන්, ගුවන් විදුලි සිංහල සේවය මගින් ප්‍රචාරය කළ, "ලංකා" නම් ගීතමය වැඩසටහනට ඇතුළත්වූ ගීයකි.


Dharma Deepani - Dayarathna Ranathunga & Amara Ranathunga

No comments: