Saturday, August 17, 2019

කිරි සුවඳ අතින් ගෙන


කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්

කහ වතින් සැරසි නුඹ
ගම් මැදට වඩින දින
මගෙ හිතේ පිපේ පින් මල්

ගිහි ගෙවල් වලින් එන
ගිණි සුළං කෝඩ දැක
ඔබ ගියෙද මෙසේ පන්සල්

ගිනි සුළං නැති ද ඔහි
මල් සුවඳ ඇතිද ඔහි
දුක පමණි සසර දිගු කල්

දරු සෙනේ මහිම බල
දැන හැඳින ගතිමි මම
දුක නිසා හෙළූ කඳුළැල්

ඔබ දෙපා දොවන සඳ
ලොව්තුරා සිහින මැද
සිත් පුරා පිපේ සල් මල්

කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්

කහ වතින් සැරසි නුඹ
ගම් මැදට වඩින දින
මගෙ හිතේ පිපේ පින් මල්

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - සමන්ත පෙරේරා


Kiri Suwanda Athin Gena - Neela Wickramasinha

No comments: