Tuesday, March 19, 2019

ලේ කිරි පොවා

ලේ කිරි පොවා
නුඹ හැදුවේ මලක් වගේ
දැඩිවෙන තුරා
නුඹ රැක්කේ දෑස වගේ

අත පැන් වඩා අත්වැල් බැඳ ගියා වගේ
ජීවත් වෙයන් හිත සතුටින් ගෙදර වගේ

හිත යට තියෙන දුක් ගිණි සඟවා නුඹටත් සඟවා
අතමිට හිඟයි ඒ බවවත් නොකියා මං නොකියා

හසරැලි මවා හිත සතුටින් බව අඟවා
මැණිකක් වගේ නුඹ හැදුවේ වයස ගෙවා

ලේ කිරි පොවා
නුඹ හැදුවේ මලක් වගේ

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - ප්‍රේමසිරි කේමදාස

No comments: